අගෝස්තු-සැප්තැම්බර් කාලයේදී විදෙස් ඇඟලුම් ඇණවුම් නෑ
ඉදිරි අගෝස්තු – සැප්තැම්බර් කාලසීමාව සඳහා ඇඟලුම් ක්ෂේත්රයට මෙතෙක් විදෙස් ඇණවුම් ලැබී නැතැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පැවසීය.
එම නිසා 2020 වර්ෂයේදී අපේක්ෂිත ආදායමින් සියයට තිහත් හතළිහත් අතර ප්රමාණයක් රටට අහිමිවනු ඇති බව එම සංසදය කීවේය.
ඔවුන් පෙන්වාදෙන ආකාරයට 2019 වසරේ අගෝස්තු මාසයේදී මෙරට ඇඟලුම් කර්මාන්තය ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසිය හැත්තෑ තුනක් උපයා ඇත.
එය පෙර වර්ෂයට වඩා සියයට හයයි දශම හැට දෙකක වර්ධනයකි.
නයන තරංග ගමගේ
