අඟහරුවාදා (08) ප්‍රාථමික සිසුන්ට පාසල් ඇරඹීමට නියමිතයි
කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමූ පාසල්වල සියලු අධ්‍යාපන කටයුතු ලබන අඟහරුවාදා (08) සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
මහාචාර්ය කපිල පෙරේරා මහතා, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සඳහන් කළේ අදියර කිහිපයක් යටතේ ආරම්භ කෙරුණු පාසල්වල ප්‍රාථමික පංතිවල අධ්‍යයන කටයුතු අඟහරුවාදා දිනයේ සිට ආරම්භ කෙරෙන බවයි.
පසුගිය සැප්තැම්බර් මස 02 වන දා 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කළා.
අනිද්දා දිනයේ (08) ප්‍රථමික වසර සිසුන් පැමිණිය නමුත් හෙට (07) දිනයේ ප්‍රාථමික අංශයේ පංතිවල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලය පාසල්වලට පැමිණීමට නියමිතයි. මේ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
මේ අතර පාසල් ළමුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය මගහරින බවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් යළි කොරෝනා වෛරස ආසාදිතයින් රට තුළින් බිහිවීමේ අවදානමක් තිබෙන බවයි.
