අඟුලානේ ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් වහාම හුදකලා කරයි
අඟුලාන පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී කොට්ඨාස මෙලෙස හුදකලා කළ බවයි.
මේ අතර ගතවූ පැය 24 තුළ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 28කුත් ,එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 7දෙනෙකුත් වාර්තා වී තිබේ.

