News

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට කොවිඩ්

කොරෝනා වසංගත තත්වය හමුවේ හිනිදුම පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරින් 16 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇති බැව් ඕපාත මහජන සෞඛ්‍ය පරික්ෂක එම්.එස්.ටි මදුසංක මහතා පවසයි.

හිනිදුම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිතබන්ධනාගාරගත කිරිමෙන් පසු බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිටියදි කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු මෙම පියවරගත් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසයි.

මෙකි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනිමට හා අධිකරණයට රැගෙන ගිය මෙන්ම ප්‍රශ්න කිරිම සදහා සමිපව සම්බන්ද වු පොලිස් නිලධාරින් නිවෙස්වල ස්වයං නිරෝධායනය කිරිමට පියවරගත් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසයි.

මෙකි සැකකරුවන් දෙදෙනාගේ පවුල්වල අයද ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති අතර ඉදිරියේ දි ඔවුන්ගේ පි.සි.ආර් පරික්ෂණ සිදුකිරිමට නියමිතව ඇති බවද හෙතෙම පවසයි. මෙම තත්වය හමුවේ හිනිදුම පොලිසිය විෂබිජහරණය කිරිමට ද පියවරගනු ලැබිය.

ගංජා ළග තබාගැනිම හා එළුවකු සොරකම් කිරිම සම්බන්දයෙන් දහම්වල හා හිනිදුම යන ප්‍රදේශවල දි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබිය.

දැනට රක්ෂිත බන්ධනාගාරගතකොට ඇති මෙම සැකකරුවන් දෙදෙනා මෙම මස 03 හා 04 යන දිනවලදි අධිකරයට ඉදිරිපත් කොට බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමුකොට තිබුණි.

 

අක්මීමන එච්එ.ම් සමන්