අධිවේගී මාර්ග 11 වැනිදා සිට යළි විවෘත කෙරේ
රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුනු අධිවේගී මාර්ග පද්ධතිය නැවත විවෘත කිරීමට නියමිතයි.
ඒ අනුව ලබන 11 වැනිදා සිට අධිවේගී මාර්ග පද්ධතිය රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන් විවෘත කිරීමට නියමිතයි.
දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය මෙලෙස විවෘත කිරීමට නියමිතව තිබේ.
