අනුරාධපුරේ හොර ෆාමසි දෙකක් වටලයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි බලපත්‍රයක් නොමැතිව අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක් තුළ නීති විරෝධීව පවත්වා ගෙන ගිය ඖෂධ හල් දෙකක් වැටලූ බව අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. මෙම වෛද්‍ය මධ්‍යස්ථාන දෙක තුළ අදාළ ඖෂධ හල් වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවත් එම වෛද්‍ය මධ්‍යස්ථානවල හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් සඳහන් කරයි.
තිසල් තෙන්නකෝන් – සාලියපුර
