අනූෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ධූරයේ වැඩභාරගනී
කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කෙරුණු රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන අනූෂ පැල්පිට මහතා අද (04) සිය ධූරයේ වැඩ භාගැනීම සිදුකරන ලදී.
ඒ කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදීය.
මෙම අවස්ථාවට මැති ඇමැතිවරුන් මෙන්ම රජයේ නිලධාරීන් ද සහභාගි වී සිටියහ.
පසුගිය 23 වැනිදා අනූෂ පැල්පිට මහතා එම ධූරයට පත් කරනු ලැබීය.
