අබුඩාබි හි පිපිරීමකින් ලාංකිකයෙක් මරුට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෑස් නලයක් පිපිරීමෙන් සිදු වූ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී තවත් අයෙකු තුවාල ලබා තිබේ.
අදාළ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට පොලීසිය සමග සම්බන්ධ වී තොරතුරු ලබා ගනිමින් සිටින බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති මල්රාජ් ද සිල්වා මහතා සඳහන් කරයි.
පසුගිය අගෝස්තු 31 වන දින අබුඩාබි හි ගෑස් ටැංකිකයක් පුපුරායාමෙන් සිදු වු එම අනතුරින් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේය.
කෙසේවෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
