News

අයවැය ගැන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී

වසර 2021 අයවැය පිළිබඳ විශේෂ සාකච්ඡාවකට අද (17 වැනිදා) පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස ජනාධිපති කාර්යාලය සියලුම කැබිනට් ඇමැතිවරුන්ට දැනුම් දී ඇත. ලබන වසරේ අයවැය මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අද (17 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එම අයවැයට ඇමැති මණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවද වාර්තා වෙයි.

උදයජීව ඒකනායක