අයහපත් කාලගුණික තත්ත්වයෙන් නිවාස 45,000කට විදුලිය ඇනහිටී
තද වැසි සහ තද සුළං හේතුවෙන් නිවාස 45,000 ක පමණ විදුලිය සැපයුම ඇණහිට තිබේ.
විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, ගස් කඩා වැටීමත් සමග විදුලි රැහැන්වලට හානි වීමෙන් විදුලිය සැපයුම ඇණ හිට ඇති බවයි.
දැනට ලැබී ඇති තොරතුරු අනුව බණ්ඩාරවෙල පවුල් 5600ක් , රත්නපුර පවුල් 3000ක් , මාතර- හක්මණ පවුල් 5800ක් , ගම්පහ පවුල් 13000ක් , නුවර එළිය පවුල් 780කට ආසන්න ප්‍රමාණයක්, අනුරාධපුර පවුල් 12000ක් , හා ත්‍රිකුණාමලය පවුල් 4200කට ආසන්න ප්‍රමාණයක් වශයෙන් පවුල් 45 000කට ආසන්න පිරිසක් විදුලිබලය නොමැතිකමින් පීඩා විඳින බව වාර්තා වී තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිටත් අදාල ප්‍රදේශවලට විදුලිය ලබා දිම සඳහා අලුත්වැඩියා කිරීම් මේ වනවිටත් ආරම්භ කර තිබේ.
