අල්ලස් ගත් ඌව පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂවරයා මාට්ටු
ඌව පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂවරයා සහ සැලසුම් නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද(15) අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ, වැල්ලවාය – හඳපානාගල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ඉඩමේ සැලැස්ම වැල්ලවාය ප්‍රාදේශීය සභා කමිටු රැස්වීමේදී අනුමත කරදීම සඳහා අල්ලස් ලෙස රුපියල් 14,000 ක මුදලක් ලබා ගැනීමට යාමේදීයි.
අදාළ මුදල සැලසුම් නිලධාරීයා විසින් ඉල්ලා ඇති අතර, එය ඌව පළාත් අධ්යක්ෂවරයා වෙත ලබාදෙන ලෙස සඳහන් කර ඇත.
ඒ අනුව අදාළ මුදල බදුල්ලේ පිහිටි ඌව පළාත් නාගරික සංවර්ධන අධිකාරී කාර්යාලය තුළදී ලබාගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි පද්මිණී වීරසූරිය සඳහන් කරයි.
