News

අල්ලස් ලබාගත් ගිනි නිවීම් සේවා නිලධාරියා මාට්ටු

අල්ලස් ලබාගැනීමේ දී අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීම් සේවා ඒකකයේ ස්ථානභාර නිලධාරියා අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී තිබේ.

එක් යන්ත්‍රයක් සඳහා රුපියල් 500 බැගින් යන්ත්‍ර 50ක් සඳහා එම අල්ලස ලබා දෙන මෙන් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා.