අල්ලස් දැලට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයෙක් කොටුවෙයි
අල්ලස් මුදල් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවයෙක් අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම නිලධාරියා සිය කාර්යාලය තුළදී අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේ දී ම අල්ලස් කොමිසමේ නිලධාරීන් අදාල අත්අඩංගුවට ගැනීම සිදුලකර ඇත.
අධිකාරිය වෙත සහාධිපත්‍ය සහතිකයක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ඇත.
කරන ලද පැමිණිල්ලක් අනුව අල්ලස් කොමිසම ක්‍රියාත්මක වී ඇති බව පැවසේ. මේ බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කරනවා.
අත්අඩංගුවට ගනුලැබූ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියාමන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
