News

අවුරුදු 16 අඩු අය සේවයට ගන්න බැහැ

පුද්ගලයන් සේවයේ යෙදවීමේ අවම වයස් සීමාව අවුරුදු දහසය දක්වා ඉහළ නැංවීමට දැනට ඇති කම්කරු පනත සංශෝධනය කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

අද (ජූනි 12) ට යෙදෙන ලෝක ළමා ශ්‍රම විරෝධී දිනයට සමගාමීව රටේ සියලු දරුවන්ට ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම්වලට ඇති හිමිකම් තහවුරු කිරීමත්, අනිවාර්ය පාසල් අධ්‍යාපන වයසට අනුකූල වන ලෙසත් මෙම පනත් සංශෝධනය කෙරෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (11 වැනිදා) ප්‍රකාශ කළේය.

ඒ අනුව 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත, අවම වේතන (ඉන්දියානු කම්කරු) ආඥා පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත, 1942 අංක 45 දරන කර්මාන්ත ශාලා අඥා පනත සහ 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ ප්‍රතිපාදන අනුව ප්‍රකාශයට පත්කළ නියෝග මෙසේ සංශෝධනය කෙරේ.

අජිත් අලහකෝන්