News

අශ්ලීල ප්‍රකාශන තහනම් කරන්න පනතක්

ළමුන් යොදාගෙන සිදුකරනු ලබන අශ්ලීල ප්‍රකාශනයන් තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ පළ කිරීම මෑත කාලයේ දී සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව රජය පවසයි.

“එවැනි කරුණු සම්බන්ධයෙන් අදාළ විධිවිධාන, දණ්ඩ නීති සංග්‍රහයේ සහ අශ්ලීල ප්‍රකාශන ආඥාපනතේ ඇතුළත් වන අතර වර්තමාන තත්ත්වයන්ට එකී විධිවිධාන ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත”.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය විසින් එයට පිළියමක් වශයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත අලුතින් පනතක් කෙටුම්පත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඇතුළත් ලේඛනයක් පිළියෙල කර තිබෙන අතර එකී ලේඛනය මත පදනම්ව නව පනත් කෙටුම්පතක් පිළියෙල කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අධිකරණ අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.