News

අළුත් අමාත්‍යංශ දෙකක් හදයි

මෙරට නව අමාත්‍යාංශ හා ආයතනික විෂයපථය සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙන අතර එමඟින් නව අමාත්‍යාංශ 2ක් හඳුන්වා දී තිබේ.

01.තාක්ෂණ අමාත්‍යංශය
02.මහජන ආරක්ෂක අමාත්‍යංශය

මේ අනුව මෙතෙක් වෙනත් අමාත්‍යාංශ යටතේ පැවති ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අලුතින් පිහිටවූ තාක්ෂණ අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අලුතින් පිහිටවූ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබේ.