ආණ්ඩු කරන විදිය ගැන’ චීන කොමියුනිස්ට් පක්ෂය එක්ක පොහොට්ටු පක්ෂය කතාකරලා
චීන කොමියුනිස්ට් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ ‘රාජ්ය පාලනය’ පිළිබඳව ඒකාබද්ධ සම්මන්ත්රණයක් පවත්වා ඇත. ක්රීඩා ඇමැති නාමල් රාජපක්ෂ ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම සම්මන්ත්රණය පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇති අතර එමගින් ආණ්ඩුකරණය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට හැකි වීම තමා ලද ගෞරවයක් බව එහි සඳහන් කර තිබේ.
මෙම සම්මන්ත්රණයට කොළඹ චීන තානාපති කාර්යාලය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ සත්කාරකත්වය සපයා ඇත. දේශපාලන මට්ටමින් සහ මහජන මට්ටමින් ආයතනික සහයෝගිතාව වර්ධනය කිරීම මෙම සම්මන්ත්රණයේ අරමුණ වූ බව ක්රී ඇමැතිවරයා සිය ටිව්ටර් පණිවුඩයේ සඳහන් කර තිබේ. තරුණ නායකත්වය වෙනුවෙන් මෙම සම්මන්ත්රණය ඔස්සේ අත්දැකීම් රැස් කෙරුණු බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ක්රීඩා ඇමැතිවරයා සිය ටිව්ටර් ගිණුමට එක්කර ඇති ඡායාරූපවලට අනුව මෙම විශේෂ සම්මන්ත්රණයට කථානායක මහින්දයාපා අබේවර්ධන, ඇමැතිවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, රමේෂ් පතිරණ, ෂෙහාන් සේමසිංහ සහ දිලුම් අමුණුගම ඇතුළු පිරිසක් එක්ව තිබේ.
නයන තරංග ගමගේ
