ආදි ආනන්දයෙකු තැනු රොබෝ යන්ත්‍රයක් අගමැතිට පිළිගන්වයි
මෙරට නිෂ්පාදිත වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක් (Nextbots) අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන ලදී.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පමුදිත ප්‍රේමචන්ද්‍ර මහතා විසින් නිපදවනු ලැබූ මෙම රොබෝ යන්ත්‍රයට ලෙඩ රෝග 200ක් හඳුනාගැනීමට සහ ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා දීමට හැකි අතර, සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා මගින් හසුරුවිය හැක.
මෙම රොබෝ යන්ත්‍රය තවදුරටත් වැඩිදියුණු කර ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සහයට යොදවන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.
