ආයතන 107ක සේවකයන්ට ඇඳිරි නීතිය වලංගු නෑ
ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට සේවා හැඳුනුම්පත යොදාගත හැකි ආයතන ලැයිස්තුව යාවත්කාලීන කර තිබේ.
පෙර පැවති 84ක් වූ ආයතන ලැයිස්තුව 107 දක්වා වැඩිකර තිබේ.
එම සේවකයින්ට රාජකාරී හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත සමග තම ආයතන ප්‍රධානියා විසින් නිකුත් කරන ලද සේවයට කැඳවීමේ ලිපිය ඇඳිරිනීති බලපත වෙනුවට භාවිත කළ හැකි බව පොලිස් මුලස්ථානය පවසයි.
මේ අතර ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල සේවකයින්ට ඇඳිරිනීති බලපත් ලබාගැනීම් අවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම ආයතන ලැයිස්තුව පහත දැක්වේ…………




