News

ආසන ගණනට දුම්රිය මගීන් ප්‍රවාහනයට අවසර

ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ආසන ගණනට දුම්රිය මගීන් ප්‍රවාහනයට හෙට(13) සිට අවසර ලබා දීමට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය හා පුද්ගලික අංශයේ රාජකාරි සඳහා වාර්තා කරන සේවකයින් සඳහා ප්‍රවාහන සේවා විධිමත්කිරීම සම්බන්ධව අද දින (12) විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල සියලු අංශ සමඟ අද දින සාකච්ඡා කර ඇත.

එහිදී ඔවුන් සදහන් කර ඇත්තේ තමන්ට එවැනි ගැටළුවක් නොමැති බවයි.

එමෙන්ම හෙට (13) සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු ද යළි ආරම්භ කිරීමට හැකි බව අදාළ අංශ පවසා තිබේ.

දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මෙන්ම වාර ප්‍රවේශ පත්‍ර නොමැති අයට ටිකට්පත් නිකුත් කිරීම ද හෙටදින සිට ආරම්භ කෙරෙන අතර ඔවුන් සේවය කරන ආයතනයේ හැදුනුම් පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.