ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කළොත් දැනුම් දෙන්න
ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ පිළිබඳ පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට ඒ පිළිබඳ පැමිණිලි කළ හැකි බවය.
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් බස්රථවල මගී ප්‍රවාහනය ආසන ගණනට පමණක් සීමා කරන ලෙස උපදෙස් ලබාදී තිබුණ ද ඇතැම් පුද්ගලික බස් රථවල ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් ප්‍රවහනය කරන බවට තොරතුරු වාර්තා වි ඇති බව නිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
