News

ආසාදිත රැඳවියන් රැගෙන ඒමට එරෙහිව විරෝධයක්

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද (23) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

රැඳවියන් මෙලස ආහාර වර්ජනයේ නිරතවන බව පැවසෙන්නේ කොවිඩ් සැක සහිත රැඳවියන් පිරිසක් නිරෝධායනය සඳහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන එන බවට ලද ආරංචි හේතුවෙන් එයට විරෝධය දැක්වීමක් ලෙසට බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.