ආසාදිතයන් 700කට වැඩි පිරිසක් සුවය ලබයි
මෙරට සුවය ලැබූ ආසාදිතයන් ගණන අද (20) දින 28,000 ඉක්මවා ගොස් තිබේ. මෙලෙස සුව වූ ආසාදිතයන් ගෙන් ආසාදිතයන් 715 දෙනෙකු අද (20) දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව සුව වූ ආසාදිත සමස්ත පිරිස 28,267ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන්කරනවා.
කෙසේ වෙතත් කොවිඩ් ආසාදිත රෝගීන් 8,229ක් මේ වන විට රෝහල් ගතව සිටිනවා.
