ආසාදිතයින් කෝටිය ඉක්ම වූ කොරෝනා තවත් වැඩිවෙයි
ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,477,554ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
එම සංඛ්‍යාව 2,636,538ක්.
ඊට අමතරව බ්‍රසීලයෙන් ආසාදිතයින් 1,402,041ක්, රුසියාවෙන් ආසාදිතයින් 646,929ක්, ඉන්දියාවෙන් ආසාදිතයින් 585,481ක් සහ බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 314,160ක් වාර්තා වේ.
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 511,300ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වැඩිම මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 127,425ක් වේ.
ඊට අමතරව බ්‍රසීලයෙන් මරණ 59,594ක්, බ්‍රිතාන්‍යයෙන් මරණ 43,815ක්, ඉතාලියෙන් මරණ 34,767ක්, ප්‍රංශයෙන් මරණ 29,846ක්, ස්පාඤ්ඤයෙන් මරණ 28,355ක්, මෙක්සිකෝවෙන් මරණ 27,769ක් සහ ඉන්දියාවෙන් මරණ 17,400ක් වාර්තා වේ.
