News

ඇඟලුම් කම්හලේ 69ක් කොවිඩ් ආසාදිතයන් වේ

දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් බව වාර්තා වේ.

අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක් දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉතිරි වාර්තා අද ලැබීමට නියමිතය.