News

ඇදිරි නීතිය දාපු පැතිවල පිංවතුන්ට දළදා මැඳුර තහනම්

ශ්‍රී ලංකාව තුළ තුළ මේ වන විට නැවත වරක් පැතිර යමින් පවතින ‘කොවිඩ් 19’ වෛරස තත්ත්වය පදනම් කොටගෙන, ශ‍්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීම සඳහා දෛනිකව පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව තහවුරු කරනු පිණිස පැමිණෙන සියලූ සැදැහැවතුන් පිළිබඳ විස්තර තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් රැගෙන ඒම අනිවාර්ය කර  ඇති බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා අද (24) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

ශ‍්‍රී දළදා මාළිගාවේ මෙන්ම මෙහි පැමිණෙන අනෙකුත් සැදැහැවතුන්ගේ ද සුරක්ෂාව පතා, ‘කොවිඞ් – 19’ වෛරස තත්ත්වය හේතුවෙන් මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප‍්‍රදේශයන්හි වෙසෙන පිරිස් සහ ඒ අයගේ ආශ‍්‍රිත පිරිස් ශ‍්‍රී දළදා මාළිගාවට ඇතුළත් කර ගැනීම දැනට නවතා ඇත.

සම්පූර්ණ නිවේදනය පහතින්…