News

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 668ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 668 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ එම කාලය තුළ වාහන 248 ක් පොලීසිය භාරයට ගෙන ඇති බවයි.

මේ අතර පසුගිය මාර්තු 20 වැනි දා සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 61,093ක්.

එම කාලය තුළ පොලීසිය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 17,172ක්.