News

ඇඳිරිය පැවති පැය 6 ට පුද්ගලයින් 178 ක් අත්අඩංගුවට

දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වු ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා කාලය තුල ඇඳිරිය කඩකල පුද්ගලයින් 178 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාල කාලය තුල වාහන 38 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

අදත් රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මේ අතර නිරෝධායන පනත උල්ලංගනය කළ පුද්ගලයින් 229 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි