ඇප දෙන්න පැමිණි කත ඇඳ වැටී මියයයි
විදේශ ගමන් බලපත්ර වංචාවක සැකකරුවකු වශයෙන් රිමාන්ඞ් භාරයේ පසු වූ තම ඥාතියකු වෙනුවෙන් ඇප තැබීම සඳහා මීගමුව අධිකරණ සංකීර්ණය වෙත පැමිණි කාන්තාවක් ඇප පෝළිමේදී ඇද වැටී ඊයේ (8 ) දහවල් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආණමඩුව කිරිහට්ටිකුලම පදිංචිව සිටි 55 හැවිරිදි එම්. එම්. අනුලාවතී නමැති විවාහක කාන්තාවකි.
ඇය ඇප තැබීම සඳහා මීගමුව අධිකරණ සංකීර්ණය වෙත පැමිණි අවස්ථාවේ තමා පපුවේ අමාරුවෙන් පසුවන බව පවසා ඇති බව වාර්තා වේ.
ඇගේ මරණයත් සමග ඇප පෝළිම ප්රදේශය විෂබීජහරණයට ලක්කර ඇත.
ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙන තුරු මෘත දේහය මීගමුව දිස්ති්රක් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
