News

ඇමරිකානු යානා එන තෙක් උඩ බලන් සිටීමෙන් පලක් නොවේ

නැවත සිය රට රැගෙන යෑමේ ගුවන් යානා පැමිණෙන තෙක් බලා සිටීමෙන් පලක් නොවන බව ශ්‍රීලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය මෙරට රැඳී සිටින ඇමෙරිකානුවන්ට දැනුම් දී ඇත.

එක්සත් ජනපද රජය සිය ගුවන් අවකාශය වසා දැමුවහොත් ඇමෙරිකානුවන් රැගෙන යෑම සඳහා ගුවන් ගමන් සංවිධානය කිරීමේ හැකියාවක් පිළිබඳව සහතික විය නොහැකි බවද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

පවතින අවිනිශ්චිත තත්ත්වය මත නැවත සිය රට යෑම සඳහා විකල්ප ගුවන් ගමන් තෝරා ගන්නා ලෙසත් වාණිජ ගුවන් යානා ඒ වෙනුවෙන් ඇති හොඳම විකල්පය බවත් එම නිවේදනයේ දැක්වේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඇමෙරිකානු ජාතිකයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇත්නම් ශ්‍රී ලංකාවේ රෙගුලාසිවලට අනුව ඔහු හෝ ඇය මෙරට රජයේ රෝහලක අනිවාර්ය නිරෝධායනයට ලක් විය යුතු බවත් පවසන තානාපති කාර්යාලය එලෙස නිරෝධායනය යටතේ සිටින පුද්ගලයන් බැලීමට තානාපති කාර්යාලයේ නිලධාරීන්ට පවතින හැකියාව සීමාසහිත බවද අවධාරණය කරයි.

 

නයන තරංග ගමගේ