ඇමරිකාවේ විදෙස් සිසුන් අවදානමේ
අමෙරිකානු විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන මාර්ගගත ක්‍රමවේද අනුගමනය කිරීමත් සමග එරට ඉගෙනුම ලබන විදෙස් සිසුන් රැසකට රටින් පිටවයාම ට සිදුව තිබේ.
කොවිඩ් වසංගතය තවදුරටත් ව්‍යාප්තවීම හේතුවෙන් අමෙරිකාවේ අධ්‍යාපනය ලබන සිසුන්ට එරටින් පිටවයාමට සිදුවීමේ අවදානමක් උද්ගතව ඇත.
එම සිසුන් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල ඉදිරියේ දී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුකරන්නේ නම් සිසුන්ට රටෙන් පිටවයාමට සිදුවන බව, අමෙරිකානු ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනටමත් නිවේදනය කර තිබීම හේතුවෙනි.
කොවිඩ් වසංගතය හේතුවෙන් දැනටමත් අමෙරිකාවේ විශ්වවිද්‍යාල රැසක් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ඉගෙනුම් කටයුතු සිදුකරන අතර ඉදිරියේදී බොහෝ ආයතන ඒ වෙත යොමුවීමට පියවර ගනු ලබමින් සිටින අතර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉගැන්වීම් සිදුකෙරෙන අධ්‍යාපන ආයතනවල සිසුන් යම් හෙයකින් එසේ කිරීම ප්‍රතික්ෂේප කළහොත්, ඔවුන් පිටුවහල් කිරීමට සිදුවනු ඇති බවත් මේ යටතේ දන්වා තිබුණි.
මේ යටතේ අමෙරිකානු විශ්වවිද්‍යාලවල මෙන්ම වෘත්තීමය හා පුහුණු පාඨමාලාවල ඉගෙනුම ලබන විදෙස් සිසුන් මිලියන 1.2 කට මේ යටතේ බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂිතයි.
