News

ඇමැති කාර්යබහුලයි – උපාධිධාරීන් 300කට පත්වීම් ප්‍රමාදයි

 

නාවලපිටිය, උඩුනුවර සහ ගඟ ඉහළ කෝරලය යන ප්‍රදේශවල උපාධිධාරීන් තුන්සියයකට අධික ප්‍රමාණයකට පත්වීම් ලිපි මෙතෙක් ලැබී නැතැයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය චෝදනා කරයි.

එම සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමි පෙන්වා දෙන්නේ එම පත්වීම් ලිපි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසින් ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබූ බවත් ඔහු කාර්යබහුල යැයි ප්‍රකාශ කරමින් පත්වීම් ලිපි ප්‍රදානය ප්‍රමාද කරන බවත්ය.

එම පත්වීම් ලිපි ලබාගැනීම සඳහා උපාධිධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියද ඇමැතිවරයාගේ අවසරය නොමැතිව ඒවා ලබාදීමට නොහැකි යැයි එම කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කරන බවද උන්වහන්සේ සඳහන් කරයි.

චාමර පල්ලේගෙදර