News

ඉදිරි කටයුතු සාකච්ඡා කරන්න මැතිවරණ කොමිසමෙන් කමිටුවක්

නව කොරෝනා වෛරසය පැතිරීම හමුවේ ඉදිරි කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සෞඛ්‍ය ඇතුළු අංශ කිහිපයක් එක්ව කමිටුවක් පිහිටුවා ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, පොලිසිය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු අංශ කිහිපයක් සමග මහා මැතිවරණයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව මෙම මස 29 වැනි දා පෙරවරුවේ දී සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම මහා මැතිවරණයේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ ලේකම්වරුන්ගේ හමුවක් ද මැයි මස 02 වැනි දා පෙරවරු 11.00ට මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (පර්‌යේෂණ හා ක්‍රමසම්පාදන) චන්න පී. ද සිල්වා පැවැසීය.

 

සාලිය කුමාර ගුණසේකර