News

ඉන්දියානු පිළිකා එන්නතට අනුමැතිය

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ එන්නත් කුප්පි දෙළොස් දහස් පන්සියයක් ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

මෙම ඖෂධවල මුළු පිරිවැය ඇමෙරිකානු ඩොලර් හත්ලක්ෂ තිස් නව දහස් හත්සිය විස්සක් (රුපියල් කෝටි දාහතරකට ආසන්න) බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (09දා) ප්‍රකාශ කළේය.

අජිත් අලහකෝන්