ඉන්දියාවේ එක්දිනක් තුළ කොරෝනා මරණ 2000 ඉක්මවයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 2006දෙනෙකු ඊයේ (16) දිනය තුළ පමණක් ඉන්දියාවේ මියගොස් තිබේ.
ඒ අනුව මේ වන විට ඉන්දියාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මියගිය සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,903ක්.
මේ වන විට එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛයාව 354,065ක්.
ඉන් 187,552ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, තවත් පුද්ගලයින් 154,688ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
කෙසේ වෙතත් තවත් ආසාදිතයින් 8,944දෙනෙකු ඉතා අසාද්‍ය තත්ත්වයේ පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කොවිඩ්-19 වෛරසය මේ වන විට රටවල් 188ක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර, ඉන්දියාව එම ලැයිස්තුවේ සිව්වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.
