News

ඉන්දියාවේ කොරෝනා මරණ දහස ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් ඉන්දියාව තුළ මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1008 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 31,324ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඊයේ (28) දිනය තුළදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 69ක්.

ගතවූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,873ක්.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 7,747ක් සුවවී තිබේ.