ඉන්දියාවේ කොව්ඩ් මරණ 55,000 ඉක්මවයි
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියත් සමග ඉන්දියාව තුළ වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 55,000 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, ගෙවුනු පැය 24 තුළදී ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 983ක් සමගය.
මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සඛ්‍යාව 2,910,032කි.
ගතවූ පැය 24ක කාලය තුළදී ආසාදිතයින් 68,898ක් හදුනාගෙන තිබේ.
ඉන් ආසාදිතයින් 2,160,059දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.
කෙසේ වෙතත් තවදුරටත් ආසාදිතයින් 694,971දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉන් 8,944දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
