ඉන්දියාවේ ලොකු ලූනු අපනයන තහනම ඉවතට
ඉන්දියාව විසින් පැන වූ ලොකු ලූනු අපනයනය තහනම ඉවත් කිරීමත් සමග මේ සතියේ සිට මෙරට වෙළෙඳපොළේ ලූනුවල මිල යළිත් රුපියල් සියට වඩා අඩුවනු ඇති බව ආනයනය තොග වෙළෙඳුන් පවසයි.
මීට මාස හතරකට පෙර ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කිරීමත් සමග මෙරට වෙළෙඳපොළේ ලූනු කිලෝ ග්රෑමය රුපියල් 180-220ත් දක්වා ඉහළ ගියේය. ඒ සමග ලොකු ලූනු සඳහා පනවා තිබූ ආනයන බදු කිලෝග්රෑමයකට ශත 25ත් දක්වා අඩු කළ අතර එය ජනවාරි 13 දක්වා බල පැවැත්වේ.
මෙරට ලොකු ලූනු අස්වැන්න යළි මැයි මාසයෙන් පසුව ලැබෙන නිසා මේ දිනවල වෙළෙඳපොළේ විදේශියෙන් ගෙනා ලූනු පවතියි. පසුගිය කාලයේ ඉන්දියාවේ තහනම හේතුවෙන් නෙදර්ලන්තය, ඊජිප්තුව, පාකිස්තානය, ටර්කි යන රටවලින් ලොකු ලූනු ආනයනය කළේය.
චමින්ද සේනාරත්න
