News

ඉන්දියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට අද(24) පස්වරු 2.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1192 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබුණි.