News

ඉන්දියාවේ සිටින ලාංකිකයින් පිරිසක් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත්ව යයි

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(12) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් චෙන්නායි බලා පිටත්ව ගියේය.

ගුවන් තොටුපළ අපවාර්තා කරු සදහන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1121 දරණ එම විශේෂ ගුවන් යානය අද දින උදෑසන ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගිය බවයි.

යානය, මෙම ගුවන් මගීන් පිරිස ද රැගෙන යළි අද දහවල් 11.25 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතයි.