News

ඉන්දීය විශේෂ ගුවන් යානයක් කටුනායකට

ඉන්දියාවට අයත් ශ්‍රී ලංකාවේ පිහිටි යකඩ හා වානේ කර්මාන්තශාලාවල සේවය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඉන්දීය ජාතිකයන් පිරිසක් නැවත ඉන්දියාව බලා පිටත්ව ඇත.

ඉන්දීය ජාතිකයන් 154 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත අද(17)දහවල් රැගෙන ගොස් තිබේ .

ඔවුන් මෙම කර්මාන්තශාලාවල සේවය කිරීම සඳහා සිය අඹුදරුවන් ද සමග මෙරටට පැමිණ තිබුණි .

ඉන්දීය ජාතිකයන් 12 දෙනෙකු ව්‍යාපාරික පංතියේත් , තවත් 141 දෙනෙකු ව්‍යාපාරික පංතියේ සහ කුඩා දරුවෙකුත් මේ පිරිසට එක් වී සිටියහ.