News

ඉන්දුනීසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 110ක් දිවයිනට

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 110ක් ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ගුවන් තොටුපල අප වාර්තාකරු සදහන් කළේ ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් මෙම විශේෂ ගුවන් යානය ජකාර්තා නුවර සිට අද(21) පෙරවරු 08.00ට පමණ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බවයි.

ඉන් අනතුරුව එම මගීන් සියලුදෙනා විෂබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර තිබේ.