News

ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්

ඊයේ (18) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 327 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ දින ද හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර කොළඹින් 157ක් වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 111ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 06ක් වශයෙන් හඳුනාගෙන තිබේ.

මීට අමතරව,ගාල්ල දිස්ත්‍රික්කයෙන් 3ක්, කළුතර දිස්ත්‍රිකයෙන් 02ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 02ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 02ක්, පුත්තලම,කුරුණෑගල,නුවර එළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයා බැගින් හඳුනා ගෙන ඇත.

ඊට අමතරව පොලීසියේ 02ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ 06 දෙනෙක් වැලිකඩ බන්ධනාගාරයේ 21 දෙනෙක් වශයෙන්ද කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගැණුනි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 14889ක් වන අතර ඉන් පුද්ගලයින් 9162ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර 3,059ක් ද පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ කොවිඩ් පොකුර 11,830ක් වශයෙන් ද වාර්තා වී ඇත.

මේ අනුව ඊයේ දිනය වනවිට කොවිඩ් -19 ආසාදිත මෙරටින් වාර්තා වූ සමස්ථ සංඛ්‍යාව 18401ක් වන අතර ඉන් පුද්ගලයින් 12586ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ආසාදිතයින් 5746 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටි.