උතුරු හා නැගෙනහිර වෙරළාශ්‍රිත ජනතාව ආරක්ෂිත කඳවුරුවලට
බුරවි සුළි කුණාටුවෙන් අවධානමකට ලක්විය හැකි උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ආරක්ෂිත කඳවුරු වෙත යොමුකිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ එම ජනතාවට අවශ්‍ය පහසුකම් පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන ලෙසටයි.
මෙම සුළි කුණාටුවෙන් යම් අපදාවක් සිදු වුවහොත් එම ජනතාවට සහන සැලසිම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවද ආණ්ඩුකාරවරිය සඳහන් කරයි.
