උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යංශ තාවකාලිකව වසා දමයි
උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යංශය තාවකාලිකව වසා දමා තිබේ.
කොවිඩ් ආසාදිතයෙකු හදුනාගැනීමෙන් අනතුරුව මෙලෙස එම අමාත්‍යංශය වසා දමා ඇත.
ඒ අනුව අද සිට එම අමාත්‍යංශ වසා දමා ඇත.
උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සදහන් කළේ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර ඇති බවයි.
ප්‍රධාන අමාත්‍යංශ පරිශ්‍රය විෂබීජ හරණය කොට නැවත විවෘත කිරීම හෙට හෝ අනිද්දා දිනයේදී සිදුකරන බව ආණ්ඩුකාරවරයා සදහන් කරයි.
