News

උපාය නැති තැපෑලට කෝටි 13ක අලාභයක්

සේවක වැටුප් හා අතිකාල පිරිවැය ඉහළ යෑම නිසා තැපැල් දෙපාර්තමේන්තුව පසුගිය වසරේ දී (2019) රුපියල් කෝටි 13ක අලාභයක් ලබා ඇත.

විගණන පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර පෙර වසරට සාපේක්ෂව පසුගිය වසරේ අලාභය රුපියල් දහතුන් කෝටි හැත්තෑ හත් ලක්ෂයක් බව තැපැල් දෙපාර්තමේන්තුව පිළිගෙනද තිබේ. අලාභය එතරම් ඉහළ ගොස් ඇතත් ඊට අනුරූපව ආදායම ඉහළ නංවා ගැනීමට අවශ්‍ය උපාය මාර්ගික ක්‍රම දෙපාර්තමේන්තුව හඳුනාගෙන නැතැයි විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අලාභය අවම කර ගැනීම සඳහා පස් අවුරුදු සැලැස්මක් සකස් කර ඇතැයි ද ඉදිරි වසර පහේ දී ආදායම වියදමට සමපාත කර ගැනීමට එමගින් අපේක්ෂා කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිලන්ත මදුරාවල