උසස් පෙළ ප්‍රවේශ පත් තැපෑලේ
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් හා පෞද්ගලික අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර තැපැල් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ඊයේ (29දා) ’අරුණ’ ට පැවැසීය.
ප්‍රවේශ පත්‍ර නොලැබුණු පෞද්ගලික අපේක්ෂකයෙක් වෙතොත් 0112784537 හෝ 1911 යන දුරකතන අංකවලින් විමසන ලෙස ඉල්ලීමක් කෙරේ.
මෙවර විභාගය සඳහා අයැදුම්කරුවෝ තුන්ලක්ෂ හැටදෙදහස් අටසිය විසිහතර දෙනෙක් පෙනී සිටින අතර ඉන් දෙලක්ෂ හැත්තෑහත්දහස් පන්සිය අසූ දෙනෙක් පාසල් අයැදුම්කරුවෝ වෙති. විභාගය ලබන මස 12 වැනිදා සිට නොවැම්බර් මස 6 වැනිදා දක්වා පැවැත්වේ. විභාගය මධ්‍යස්ථාන සංඛ්‍යාව 2648 ක් වන අතර සෞඛ්‍ය අංශ සමග එක්ව එම මධ්‍යස්ථානවල ඩෙංගු මර්දන වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ.
නිලන්ත මදුරාවල
