News

එ.ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම නව ක්‍රමවේදයකට

රාජ්‍ය නායකයන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීම මේ වසරේදී දුරස්ථබව ආරක්ෂා කරමින් වීඩියෝ තාක්ෂණය උපයෝගි කරගෙන නව ක්‍රමවේදයකට පැවැත්වෙන බව කියයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් බදාදා මෙම පියවර අනුමත කරන ලද අතර, එහි 75 වන සැසියේදී සාමාන්‍ය විවාදයට පෙර පටිගත කරන ලද වීඩියෝ ප්‍රකාශ ඇතුළත් කිරීමට අවසරදී ඇති අතර අනෙකුත් සැලසුම් කරන ලද ඉහළ මට්ටමේ රැස්වීම් වර්චුවල් ක්‍රමවේදයට සිදුකෙරෙනු ඇත.

සෑම රටකටම කලින් පටිගත කළ දේශනය ප්‍රචාරය වීමේදී එම රට නියෝජනය කරමින්, නියෝජිතයන් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට රැස්වීම් ශාලාවේ සිටීමට අවසර ලබාදෙන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පවසයි.