News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 193 දෙනෙකු ඊයේ (30) පස්වරු 06.30ට පමණ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.

ඩුබාහි හි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මේ පිරිස මෙරටට පැමිණ ඇත.

එයින් වැඩි පිරිසක් ඩුබායි සහි රැකියා සඳහා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් වන අතර එම ශ්‍රී ලාංකිකයින් පිරිස පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කර ඇත.