News

එජාපය ගත් නව මග ගැන රනිල් බෙල්ලන්විලදී කියයි

පූජ්‍ය පක්ෂයට ගරු කරමින් මැතිවරණ කටයුතු මෙහෙයවීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඊයේ (24) පස්වරුවේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනි. 2020 මහ මැතිවරණය වෙනුවෙන් ආශිර්වාද ලබාගැනීම සඳහා මෙම පිංකම පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා පැවසුවේ ලබන සතිය වන විට මැතිවරණ ව්‍යාපාරය ඇරඹීමට කටයුතු කරන බවය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයින් වන රවී කරුණානායක, දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියේය.